Saturday, February 8, 2014
ඉන්දු
නිම්න ශිශ්ටාචාරයේ බිඳවැටීම පිළිබද එක් නිශ්චිත මතයක් නොමති වුවද විවිද ඉතිහාසවේදීන්
විසින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් පිලිගත හැකි සාදකද සහිතව සාදාරන මත කීපයක් ඉදිරිපත්
කොට ඇත ඒවා නම්,
ගංවතුරකින්
ගින්නකින්
වසන්ගතයකින්
ජන
සoක්රමනයකින්
ස්වභාවික
ආපදාවකින්
සතුරු
ආක්‍රමණයකින්
බොහෝ
දෙනෙක් පිලිගන්නා පරිදි ඉන්දු නිම්නය හදිසි විපතකට බාජනය වූවා යයි සැලකිය හැකිය.
මේ පිලිබඳව අදහස් දක්වන ජෝන් මාර්ශල් සහ මොටිමර් පිලර් ප්රමුක පුරාවිද්යාඥයෝ පෙන්වා දෙන ආකාරයට මෙම ශිශ්ටාචාරයේ
ගෙවල් වල තාප්ප හා පාදම වරින් වර උස්කල බවට සාදක සැලකිල්ලට ගෙන එහි සිදුවූ නිරන්තර
ජල ගැලීම් නිසා ශිශ්ටාචාරය විනාශ වූවා යයි අනුමාන කල හැක.
ඉන්දු නිම්න ශිශ්ටාචාරය
ගංගා නිම්න ආශ්රිතව පිහිටා තිබීමනිසා බොහෝ විට ජල ගැලීමක්
හෝ ස්වභාවික විපතය යන මතය තහවුරු කරගත හැක. ගංගාවන් පිටාර
ගැලීම මේ යුගයේදී වරින් වර නිතරම සිදුවන්නට ඇත. අධ්ක වර්ශාව
සහිත කාල වලදී (වර්ශා කාලයේදී) ගංගා පිටාර ගලා ජනපද යටවන්නට අති
බවත් , අධික වියලි දේශගුනයක් පවතින කාල වලදී ගංගා වලට ඉහලින්
වූ කඳුවල හිම දියවීම නිසා එවා ගංගා වලට එක්වීමෙන් ජලගැලීම් සිදුවන්නට ඇතයි සැලකිය හැක.
ඉන්දු නිම්න ශිශ්ටාචාරයේ ගෘහනිර්මාන
ශිල්පය සහ නිවාස ඉදිකිරීම සඳහා යොදාගනු ලැබ අත්තේ පිලිස්සූ ගඩොල්ය එම ගඩොල් පිලිස්සීමේදී
අධික ලෙස කැලෑ කපා දර ලබාගැනීම හේතු කොටගෙන සිදුවූ දේශගුනික වෙනස් වීමක් මෙම බිද වැටීමට
හේතු විය හැක යයි ඇතැම්හූ අනුමාන කළහ. එහෙත් එම මතය පන්ජාබයේ
සිවිල් සේවකයෙකු වූ ලැම්බ්රික් මහතා හේතු සාදක ඇතුව ප්රතික්ශේප කොට ඇත.
තවත් මතයක් වන්නේ නිවාස තැනීමට
පිලිස්සූ ගඩොල් භාවිතා කිරීමේදී, ගඩොල් පිලිස්සීමේදී ඇතිවූ
ගින්නක් විශාල ප්රදේශයක් හ්තුල ව්යාප්ත වීමෙන් ශිශ්ටාචාරය විනාශයට පත්වූ බවයි.
විවිද ප්රදේශයන් වල කළ කැනීම් වලදී හමුවූ විස්තර කෙරෙහි සැලකිලිමත් වූ පුරාවිද්යාඥයෝ අවධි තුනක ස්තර පිළිබඳව හදුනා ගත්හ. යටම
ස්තරය ආරම්භක අවදිය ලෙසත් දෙවන ස්තරය සමුර්දිමත් අවධිය ලෙසත් උඩම ස්තරය පරිහානිකර අවදිය
ලෙසත් හදුනාගෙන ඇත. මෙම පරිහානිය ස්වබාවික ආපදාවක්ද දේශපාලන
ආපදාවක්ද යන්න පැහදිලි නැත.
ජන ස්oක්රමනයකින් ශිශ්ටාචාරයේ අවසානය සිදුවන්නට ඇතැයි
තවත් මතයක් පවතී. මෙම මතය සනාත කිරීමට ප්රභල කරුනු නොවූවත් ගංවතුර , ස්වභාවික ආපදා
, වසංගත ආදී හේතූන් නිසා බොහො වැසියන් මෙම
ප්රදේශය අතහැර සුමේරියාව , මොසපතේමියාව
ආදී ප්රදේශවලට ස්oක්රමනය වීම නිසා ශිශ්ටාචාරය බිඳවැටෙන්නට ඇතයි යන මතය ඉදිරිපත්ව ඇත.
මෙහි වැසියන්ට ආවේනික මලවුන් වලදැමීමේ ක්රමයට හාත්පසින්ම වෙනස් ආකාරයට වැලලීගිය ගිය ඇටසකිලි තිබේ. ප්රදේශයේ ළිඳකට බසින පඩිපෙලේ පහතම පඩියේ තිබී ඇටසැකිලි 2ක් ද වීදියක තිබී තවත් දෙකක්ද ආවාටයක් වැනි ස්ථානයක තිබී තවත් නමයක් ද සොයාගනු ලබීය. ඉන් 5ක්ම ලමයින්ගේ ඇටසැකිලිය. වසන්ගත රෝගයක් සෑදීම නිසා ශිශ්ටාචාරය විනාශ වන්නට ඇතයි යන මතය මෙතුලින් පෙන්වා දිය හැකිය. වසන්ගත රෝග වැලදීම නිසාත් එම රෝගය සුළඟ හා වෙනත් ඉක්මන් ක්රම ඔස්සේ පැතිර යාම නිසාත් ශිශ්ටාචාරයේ විනාශය සිදුවන්නට ඇතයි මෙයින් පෙන්වාදිය හැකිය. බොහෝවිට මොවුන් වසන්ගතයෙන් බේරීම පිනිස මෙම ප්රදේශ තුලින් පලා යාම නිසා ශිශ්ටාචාරය විනාශ වන්නට ඇතැයි නිගමනයකට එලබිය හැකිය. එහෙත් ඉන්දු නිම්න ශිශ්ටාචාරය සතුරු ආක්‍රමණයකින් විනාශ වූවා යන මතය දරන්න්ට අනුව මෙය සතුරන්ගේ සමූහ ඝාතන පිලිවෙතක් යැයිද යන මතයක් පවතී.
අවසාන වශයෙන් සතුරු ආක්‍රමණයකින්
එම ශිශ්ටාචාරය විනාශයට පත් වූවාය යන මතය ඉස්මතු වේ.ශිශ්ටාචාරයේ අවසාන වකවානුව
වනවිට පැවති නිවාස වල හා වීදි නිර්මානවල අක්රමවත් ස්වරූපය
කෙරෙහි සලකිලිමත්වූ සැමුවෙල් බට්ලර් සියවස් ගනනාවක් පැවති ඒකාකාරී පැවැත්මට හුරු පුරුදු
වී සිටි ඉන්දු නිම්න වාසීන් හදිසි අවස්තා හේතු කොටගෙන සසලවීමකින් එම තත්වය පැනනැගුනැයි
අනුමාන කොට ඇත. අභ්යන්තර වශයෙන්
ඇතිවූ මෙම නොසන්සුන් තාව බාහිර ආක්‍රමණයකින් වේගවත් කරන්නට ඇතැයි ඔවුහූ තවදුරටත් පෙන්වා
දේ.
මුල් යුගයන් තුලදී පැවති මලවුන්
වලදැමීමේ ක්රමයට ක්රමයට හාත්පසින්ම
වෙනස් ආකාරයෙන් වැලලීගිය ඇටසකිලි හමුවී තිබේ . කාමරයක තිබී
ආභරන පැලදි ස්ත්රින්ගේ පිරිමියෙකුගේ ඇටසැකිලි හතරක් සොයාගැනුනි.
මේවාගේ හිස් කබල් දෙකක් පොරෝ පහරවලට ලක්වීම නිසා ඇතිවූවා සේ සැලකෙන
පැලුම් තුවාල ඇත. එසේම වානරයෙකුගේ හදිසි පහරදීමක් නිසා මැරී
වැටුනයි සැලකෙන සතුන්ගේද ඇටකටු හා අතුන් දෙදෙනෙකුගේ දළ පැහදිලිව හදිනා ගත හැකිවී තිබේ.
ඉන්දු නිම්න ශිශ්ටාචාරය විදිමත්ව පැවති අවදියේ භූමදානය කරන ලද මිනී
වලවල් 24ක හමුවූ ඇටසැකිලිද ඉහත සදහන් කල හදිසියේ මැරී වැලලීගිය
සිරුරු වල ශේශවූ කොටස් සන්සන්දනය කල විට ඉන්දුනිම්නය හදිසියේ පහර දීමකට ලක්වී විනාශ
වීය යයි යන මතය ශක්තිමත් වේ. මෙසේ හදිසියේ මැරී වැලලි ගිය
ඇටකටු සහිත ස්තරයක තිබී මෙතෙක් භාවිතා නොවූ පොරෝතලයක් හමුවී ඇත. ඉන්දු නිම්නවාසීන් භාවිතා කල ආයුධ වලට වඩා දියුනු තත්වයක තබ නිර්මානයක්
වන මෙම පොරෝ තලයේ පිටුපස කොට්ස වෑයක ස්වරූපයක් ඇත. තවද ශක්තිමත්
වීම සදහා යෙදූ මැද නාරටිය සහිත කඩු කිහිපයක් ලැබී ඇත.
ඉහත
සියලු කරුනු සැලකිල්ලට ගැනීමේදී පෙනීයන්නේ ඉන්දු නිම්න ශිශ්ටාචාරය භාහිර ආක්‍රමණයක්
මගින් විනාශ වූවාය යන මතය බොහෝ දුරට සනාත වන බවය.
0 comments:
Post a Comment