Thursday, February 13, 2014
1582 දී
සීතාවක රාජසිංහ රජතුමා විසින් කන්ද උඩරට රාජදානිය ආක්රමණය කොට එවකට උඩරට පාලක කරලියැද්ද බණ්ඩාර සිහසුනේ පහකොට කන්ද උඩරට රාජදානිය
සීතාවකට ඇද ගන්නා ලදි. මේ හේතුව නිසා කරලියැද්ද රජු තම බෑනනුවන්
වූ යමසිoහ බණ්ඩාර සහ දියනිය වූ කුසුමාසන දේවියද රැගෙන පෘතුගීසී
රැකවරනය පතා පලා ආහ. මෙසේ පලා යන අතරමගදී කරලියැද්ද
බණ්ඩාර රජු මිය ගියේය. අනතුරුව යමසිංහ බණ්ඩාර සහ කුසුමාසන දේවිය පෘතුගීසීන්ගේ
රැකවරණ පතා කොළබට පැමිනි අතර එහිදී ඔවුන් බෞතීස්ම කිරීමට පෘතුගීසීහු පූජකයන් වෙත යොමු
කරන ලදි. බෞතීස්ම කිරීමෙන් පසුව යමසිංහ බණ්ඩාර දොන් පිලිප්
ලෙසත් කුසුමාසන දේවිය දෝන කතරිනා ලෙසත් හදුන්වන ලදි.
මේ අතර උඩරට ආක්රමනයේදී සීතාවක රජුට
සහය දුන් උඩරට රාජ සභාවේ ප්‍රභූවරයෙකු වූ පේරාදෙනියේ වීර සුන්දර බණ්ඩාර සීතාවක රාජසිංහ
රජු විසින් ‘වලගම වට්ටාරම’ දෙනවා
යැයි කියමින් බොරු වලක දමා මරණයට පත් කරන ලදි. මෙහි
‘වලගම වට්ටාරම’ යනු කුමක්දැයි අපැහැදිලිය.
ඇතැම් විට වලගම් වට්ටාරම යනුවෙන් වූ ගම් පෙදෙසක් විය හැකි බව ඇතැමුන්ගේ
මතයයි. වෙනත් ආකාරයකට ගතහොත් වලගම් වට්ටාරම යනු වල කපා වැටෙන්න
සැලැස්වීම වැන්නක් විය හැක. මෙසේ පේරාදෙනියේ වීරසුන්දර බණ්ඩාර
ප්‍රභූවරයා බොරු වලක දමා මරණයට පත් කිරීමෙන් අනතුරුව ඔහුගේ පුත්රයා වූ කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙතට පලා යන ලදි. පෘතුගීසීන් යටතේ ඔහු ඔස්ට්රියාවේ දොන් ජුවන් ලෙස
බෞතීස්ම ලැබීය. කොනප්පු බණ්ඩාරට කුමාරසිංහ බණ්ඩාර නම් ගාතියෙක්
ද සිට ඇත. ඔහුගේ තවත් ගාතියෙක් උඩරට විහාරයක පැවිදිව සිටියේය.
මෙසේ පෘතුගීසීන්ගේ රැකවරනය
යටතේ හැදී වැඩුනු කොනොප්පු බණ්ඩාර නොහොත් දොන් ජුවන් අතිදක්ශ රනශූරයෙකු බවද සදහන් වේ.
ඔහුගේ රනශූරීත්වයට ගෝවේ පතිරාජයා පවා පැසසුම් කල බවද සදහන් වේ.
මේ ආකාරයට කතෝලික ආගම අදහමින් පෘතුගීසීන් යටතේ සටන් පුහුනු වෙමින්
ගෝවේ පතිරාජයා ගෙන් පවා පැසසුම් ලද ඔස්ට්රියාවේ දොන් ජුවන්
නොහොත් කොනොප්පු බණ්ඩාර සීතාවකට එරෙහිව සටනේදී තමන්ට භාවිතා කල හැකි විශිෂ්ටතමයා බව
පෘතුගීසීන් වටහාගෙන සිටියහ.
මේ
වන විට උඩරට රාජ්යයට නීත්යානුකූලව උරුමකම් කීමේ අයිතිය තමන්ට ඇති බව පෘතුගීසීන් විශ්වාස කලහ.
එයට හේතුවූයේ උඩරට කරලියැද්ද බණ්ඩාර නොහොත් දොන් පිලිප් සහ කරලියැද්ද
රජුගේ දියිණිය කුසුමාසන දේවිය නොහොත් දෝන කතරිනා කුමරිය තමන් සතු වීමයි.
මේ කාලසීමාව වන විට සීතාවක
රාජසිංහ රජුගේ පරිහානිය සිදුවෙමින් පැවති අතර අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් නම් බමුනෙකුගේ
උපදෙස් ඇතිව බෞද්ධ විරෝදී ප්රතිපත්තියක් අනුගමනය කලේය.
තවද ඔහු උඩරට රජපවුලට අයත් කුමාරයන් විනාශ කරදමමින් සිටි බවත් සදහන්
වේ. රජුගේ උදහසින් බේරුනු කුමාරවරුන් පෘතුගීසි පිහිට පැතූහ.
මායාදුන්නේ සහ රාජසිංහ රජවරුන් ගොඩනැගූ සීතාවක රාජ්යට ජනතා සහයෝගය නොඅඩුව ලබාදුන් සංඝ්‍යා වහන්සේගේ ආදාර විවිද හේතූන් නිසා
අහිමි කරගත් රාජසිංහ රජු පෘතුගීසීන් හා උඩරට රාජ්ය යන බලවේග
දෙක මත අසරන වී සිටියේය.
කොළබින් ගෝවට යවන
ලද කොනොප්පු බණ්ඩාර පෘතුගීසීන් යටතේ හමුදා පුහුනුවක් ලබා තුන් අවුරුද්දකට පසු ලංකාවට
පැමිනියේ රාජසිංහ රජු එබඳු දුශ්කර අවස්තාවකට මුහුන දෙමින් සිටියදීය. රජු කොළඹ වටලා සිටියදී “ මාමන්නාරමින් ගොඩ බස්සා
ඇරපුවොත්මට කන්ද උඩරට පෙරලි පුලුවනැ ” යි කී කොනොප්පු බණ්ඩාර
මන්නාරමින් ගොඩබැස උඩරට අවුල් වියවුල් ඇතිකොට බව රාජාවලිය පවසයි. කලින් උඩරට යටත් කිරීමට ගොස් සටනින් පැරදුනු වික්රමසිංහ මුදලි වෙනුවට රජු විසින් මෙවර කොනොප්පු බණ්ඩාර මැඩලීම සඳහා මහ සෙනවි හා පුරෝහිත අරිට්ටකී වෙන්ඩු
පෙරුමාල් යටතේ හමුදාවක් යවන ලදි. මේ හමුදාව බලන කපොල්ලේ දී
පරාජය කර එලවා දැමීමට කොනොප්පු බණ්ඩාර යටතේ සංවිධානය වී පැමිනි කන්ද උඩරට හා පස්රට
හමුදා වලට හැකි විය. දෙවන වරට රාජසිංහ රජු තමන් හමුදාවක් ගෙන
උඩරට ආක්රමණය කල නමුත් කොනොප්පු බණ්ඩාර ඒ හමුදාවද බලනේදී
පරාජයට පත් කලේය. මේ පරාජයෙන් පසු “එකලොස් වයස පටන් හේවාකම් කල මගේ ඉදිරියේ රජෙක් සිටියේ නැත. මෙදා උඩරටට පැමිනුනු අය පින් කල ඇති කෙනෙක. මගේ
පින් බල අඩුය.” කියා පසු බැස්ස බව රාජාවලියෙහි සදහන් වේ.
ඔස්ට්රියාවේ දොන් ජුවන් නමින් බෞතීස්ම ලබාසිටි කොනොප්පු බණ්ඩර උඩරටදී පෘතුගීසී
හමුදා පලවා හැර උඩරට රජ බවට පත්විය.
මේ අනුව
1593-1594 කාලයේදී පෘතුගීසී කපිතාන් පේරෝ ලෝපේස් ද සූසා යටතේ උඩරටට
ආක්රමනයක් මෙහෙයවිනි. මෙම ආක්රමණය හමුවේ කොනොප්පු බණ්ඩාර තාවකාලිකව පසුබැසීම නිසා පෘතුගීසීන් විසින්
කුසුමාසන දේවිය උඩරට රැජින ලෙස පත් කරන ලදි. එහෙත් කිසිවෙකුටත්
ඇය හමුවීමට හෝ දැකීමට අවස්තාව නොවීය. ඇයව පෘතුගීසි කුමාරයෙකුට
විවාහ කරදීමට නියමිත බවට කතා පැතිරිනි.
මෙම කාලසීමාව වනවිට සීතාවක රාජසිංහ රජුද මියගොස් සිටි
අතර රාජසිංහ රජුගේ පුරෝහිත තනතුර දැරූ අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් “මාන්නප්පෙරුම මොහොට්ටාල” ලෙස නම් ගම් වෙනස්කර සීතාවක
රජකම අපේක්ශාවෙන් සිටියේය. 1594 පෘතුගීසීන් උඩරට ආක්රමනයේදී ලස්කිරින්න හමුදාව මෙහෙය වූයේ ඔහුය. ඔහු
කුසුමාසන ශේවිය විවාහ කොටගෙන උඩරට රජකම ලබාගැනීමට තැත් කරන බව දැනගත් පසු කෝපයට පත්වූ
පේරෝ ලෝපේස් ද සූසා ඔහුව මරා දමන ලදි. මේ හේතුව නිසා කලබලයට
පත්වූ සිංහල ලස්කිරින්න හමුදාව කොනොප්පු බණ්ඩාරට එකතු වී පෘතුගීසීන් කන්ද උඩරටින් පන්නා
දැමීමට ඔහුට සහය දැක්විය. අනතුරුව පෘතුගීසීන්ව දන්තුරේ දක්වා
පන්නා ගොස් සමූලඝාතනය ලද අතර පේරෝ ලෝපේස් ද සූසාවද මරා දමන ලදි.
1594
දන්තුරේ සටනින් පෘතුගීසීන් පරාජය කිරීමෙන් පසු කුසුමාසන දේවිය විවාහ
කරගත් කොනොප්පු බන්ඩාර “පළමු වන විමලධර්මසූරිය” නමින් උඩරට රජවිය. මේ අන්දමට විමලධර්මසූරිය රජු
උඩරට රාජ්ය සදහා “සෙංකඩගල රජ පෙලපත”
නමින් අලුත් රාජ වංශයක් ආරම්භ කල අතර එම පරපුරේ උරුමකරුවෝ සියවසකට
අදික කාලයක් එනම් 1739 දක්වා කන්ද උඩරට රාජධානිය පාලනය කලේය.
0 comments:
Post a Comment